ශ්‍රී ලංකාව කටාරයෙන් ඉන්ධන සඳහා ණය පහසුකම් අපේක්ෂා කරයි.

ශ‍්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය විසඳීම සඳහා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර කටාර් බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධාන නිලධාරීන් සමඟ සාකච්ඡා කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය විජේසේකර කියා සිටියේ තමන් අද බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සහ කටාර් බලශක්ති ජනාධිපති සහ ප්‍රධාන විධායක නිලධාරී Saad Sherida Al-Kaabi හමුවූ බවයි.

බලශක්ති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් නිෂ්පාදන, ද්‍රව පෙට්‍රෝලියම් වායු (LPG) සහ ද්‍රව ස්වභාවික වායු (LNG) සැපයීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කටාර් බලශක්ති සහ කටාර් සංවර්ධන අරමුදලේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයෙන් මිදීමේ අරමුණින් මෙම සාකච්ඡා පැවැත්වූ බව අමාත්‍යවරයා පැවසීය.

“කටාර් සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හමුවුණා. පෙට්‍රෝලියම් සහ ගෑස් සැපයුම සඳහා ලබාදිය හැකි ණය මාර්ග පහසුකම් පිළිබඳව සාකච්ඡා කරන ලදී. වෛද්‍ය සැපයුම් සඳහා මුදල් වෙන් කර ඇති බවත් ණය පහසුකම් සඳහා වන ඉල්ලීම සලකා බලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සහාය වන බවත් දන්වා ඇත.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් ද කැටුව අමාත්‍ය කාංචන විජේසේකර අද අලුයම කටාර් බලා පිටත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *