ශ‍්‍රී ලංකාවට සහාය දෙන්න නම් ආර්ථික පදනමක් සකස් විය යුතු බව IMF ප්‍රධානීන් පවසයි.

රී ලංකාවේ ආර්ථික ශ්‍රී ලංකාවට සහය ලබාදීමට ආර්ථික පදනමක් සකස් විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

එහි කළමනාකාර අධ්‍යක්ෂ කි‍්‍රස්ටිනා ජෝර්ජිවා මහත්මිය සඳහන් කරන්නේ ‍ශ‍්‍රී ලංකා ආර්ථිකය ප්‍රතිව්‍යුහගත ගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබුණු පසු සහාය ලබාදීමට සූදානම් බවයි.

ඇය මේ බව සඳහන් කරන්නේ ඉන්දීය රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිද වැටී ඇතැයිද පවසන අැය පවතින අර්බුද හේතුවෙන් තම හදවත බිඳී ගොස් ඇතැයිද කියා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *