ශ්‍රී දළදා මාලිගාවට ඉහළින් ගුවන්ගත ඩ්‍රෝන කැමරාවක්. චීන සංචාරකයෙක් අත්අඩංගුවට

ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට ඉහළින් පියාසර කළ ඩ්‍රෝන කැමරාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඊයේ රාත්‍රියේ පළමු කුඹල් පෙරහැර ගමන් කරමින් සිටියදී වෙඩි තබා බිම හෙලූ අතර, සැකපිට චීන සංචාරකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

43 හැවිරිදි චීන ජාතික සැකකරු පෙරහැර ගමන් ගන්නා මාර්ගයට ඩ්‍රෝන කැමරාව යොමු කර ඇති අතර, පෙරහැරට ආරක්ෂාව සපයමින් ගුවන් හමුදාව විසින් වෙඩි තබා බිම හෙළා ඇත.

පසුව ශ්‍රී දළදා මාලිගාවේ සිට කිලෝමීටරයක් පමණ දුරින් තිබූ ඩ්‍රෝන කැමරාවද නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.

පසුගිය සෙනසුරාදා (20) ශ්‍රී ලංකාවට පැමිණි මෙම සංචාරකයා මහනුවර ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *