පාර්ලිමේන්තුවට ලබා දී ඇති මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ වෝහාරික විගණන වාර්ථා අසම්පූර්ණ ඒවා බව කථානායක කරු ජයසූරිය මහතා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී තිබේ. අදාළ ඇමුණුම් හා ප්රදර්ශක නොමැතිව මහබැංකු බැදුම්කර සම්බන්ධ වෝහාරික විගණන වාර්තා 05ක් ලැබී ඇති බවයි කථානායක කරූ ජයසූරිය මහතා පෙන්වා දී ඇත්තේ. මෙම දැනුම්දීම මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් මහතා වෙත ලිපියකින් යොමුකරන ලෙසට පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාට තානායක වරයා විසින් උපදෙස් දී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රිවරුන්ගේ ඉල්ලීම මත අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ වාර්තා මන්ත්රිවරුන්ට ලබාදීමට කථානායකවරයා පසුගියදා තීරණය කළා. එහෙත් එම වෝහාරික විගණන වාර්තාවල ඇමුණුම් හා ප්රදර්ශක නොමැති බව පක්ෂ විපක්ෂ මන්ත්රිවරුන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ තිබුණි.