ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව පිළිබදව නිකුත් කර ඇති වෝහාරික විගණනය වාර්තා 05කින් හා පිටු10,000ක පමණ ඇමනුම් ප්‍රමාණයකින් යුක්ත වන බව රාජ්‍ය කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා සදහන් කර සිටිනවා.
එවැනි විශාල වාර්තාවක් ලබන පෙබරවාරි 18, 19 යන දිනයන්හිදී පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදයට පෙර මේ පිිළබදව පුළුල් අධ්‍යයනයක් කර අවබෝධයක් ලබා ගැනීමට මන්ත්‍රිවරුන්ට අපහසු කටයුත්තක් වනු ඇති බවයි ඔහු ප්‍රකාශ කර සිටින්නේ.
වෝහාරික විගණනයක් සිදුකරනු ලැබූවේ බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කළ ජනාධිපති කොමිසම් සභාවේ මෙන්ම කෝප් කමිටුවේ ද නිර්දේශය මත බැවින් වෝහරික විගනණනය පිළිබදව පළමුව කෝප් කමිටුව තුළ සාකච්ඡා කර ඒ පිළිබදව සාරාංශ වාර්තාවක් සැකසීමට හැකියාව තිබූ බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
නමුත් පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් තැබීම හේතුවන් කෝප් කමිටුවට රැස්වීමට නොහැකිවූ නමුත් ඉදිරියේදී කෝප් කමිටුව තුළ වෝහාරික විගණන වාර්තාව සාකච්ඡාවට කැඳවන බවයි ඔහු සඳහන් කලේ.
කෙසේ නමුත් මේ වනවිට එස්.ඒ සුමන්තිරන් මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ මුදල් කාරක සභාවේ මේ පිළිබදව සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.