වෛද්‍ය වෘත්තිකයන්ගේ සහ සෞඛ්‍ය සේවකයින්ගේ හිඟය ශ්‍රී ලංකාව පමණක් මුහුණ දෙන ප්‍රශ්නයක් නොව මුළු ලෝකයම මුහුණ දෙන ගෝලීය සංසිද්ධියක් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව 2035 වන විට ගෝලීය වශයෙන් වෛද්‍ය වෘත්තිකයන් මිලියන 12.9 ක හිඟයක් පවතිනු ඇති බවයි.
එක්සත් රාජධානිය, නවසීලන්තය, කැනඩාව, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි බොහෝ රටවල් වෛද්‍ය වෘත්තිකයන්ගේ හිඟයකට මුහුණ දී ඇති බව ඔහු පැවසීය.
වෛද්‍ය විශේෂඥයින් එවැනි රටවල රැකියා සොයා ගැනීම සාමාන්‍ය සිරිත බවත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට එය නැවැත්වීමට ක්‍රමයක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.
“ඔවුන් රට හැර යාම අපට වළක්වන්න බැහැ. පාස්පෝට් තහනම් කරමුද? මානව හිමිකම් පැත්තෙන් මුන් රට යන එක නවත්වන්න බැහැ. වෛද්‍යවරුන් පමණක් නොව ගුවන් නියමුවන් සහ අනෙකුත් වෘත්තිකයන් ද හරිත තණබිම් සොයා රට හැර යති, ”ඔහු පැවසීය.
ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාට හෝ රජයට කිසිවක් කළ නොහැකි බව පැවසූ ද සිල්වා මහතා ප්රශ්නය විසඳීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද පැවසීය.