වෛද්‍ය ක්ෂේත්‍ර 35ක වෛද්‍ය හිඟයක්

මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව  විශේෂඥ වෛද්‍යවරුන් 972 කගේ පමණ  හිගයක් පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ සැලසුම් අංශය විසින්  විගණනයට ලබාදුන් තොරතුරුවලට අනුව  2023 ජුනි මස 30 වැනිදින වනවිට  රෝහල් ආයතන  50ක  විශේෂඥ වෛද්‍යවරුන්  226ක්ගේ හිගයක් පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එහෙත් රෝහල් සහ සෞඛ්‍ය ආයතන  23ක විශේෂඥ වෛද්‍යවරුන් 123ක අතිරික්තයක්  පැවතුණි.

එමෙන්ම විධිමත් අනුමැතියක් හෝ ලබානොගත්  විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 12ක් තුල  විශේෂඥ වෛද්‍යවරුන්  141ක් සේවයේ යොදවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *