කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 5ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබේ. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (15) සිදු කළ වැටලීමකදීයි.
අදාළ සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 සහ 37 පසුවන්නන් වන අතර, ඔවුන් කොළඹ 02 සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි පොලීසිය පවසන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ හෙරොයින් වෙනුවට අයිස් මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ ප්‍රවණතාවයක් මේ වනවිට නිරීක්ෂණය වන බවයි.