වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වසර 42 ක පාර්ලිමේන්තු සේවය නිමවා ඊයේ (30) විශ්‍රාම ලැබුවේය.
ශ්‍රී ලංකාවේ හය වැනි වේත්‍රධාරීවරයාවූ ප්‍රනාන්දු මහතා 2018 වර්ෂයේ සිට එම ධූරයේ කටයුතු කළේය.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මීළඟ වේත්‍රධාරීවරයා ලෙස පත්වීමට නියමිත කුෂාන් සම්පත් ජයරත්න මහතාට සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ වේත්‍රධාරී අසිපත බාරදීම ඊයේ (30) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභාගැබට පිවිසෙන රිදී ද්වාරය අසලදී සිදුවිය.
කුෂාන් ජයරත්න මහතා හත්වැනි වේත්‍රධාරිවරයා වශයෙන් අද (31) වැඩබාරගැනීමට නියමිතය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු ඇතුළු ප්‍රධානීහු පිරිසක්ද සහභාගිවූහ.