වෙස්ලි සහිරා පාපන්දු තරගයෙන් පසු ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් 5ක් අත්අඩංගුවට

බොරැල්ල වෙස්ලි විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය අතර පෙරේදා (07) වැල්ලවත්ත කුරේ පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති පාපන්දු තරගයේදී පාසල් සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිහිටියන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස වෙස්ලි විද්‍යාලයට සහය දැක්වීමට පැමිණි වැඩිහිටියන් බවට විශ්වාස කෙරෙන අතර නීතිවිරෝධී ලෙස රැස්වී පාසල් සිසුන්ට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එදිනට සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

දෙපිරිස පෙළ ගැසී අතට අත දීමත් සමඟ ඇති වූ බහින් බස් වීමක් පහරදීමක් දක්වා වර්ධනය වී ඇති බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *