ඇල්පිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුකිරීමට පැමිණ සිටි සෙබළෙකු සහ හිටපු සෙබළෙකු ඔවුන් සතුව තිබී පිස්තෝලයක් සහ මිලිමීටර් 10 පතොරම් 10ක් සමඟ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජංගම දුරකථන තුනක්, ව්‍යාජ අංක තහඩු දෙකක් සහ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 22 සහ 31 වයස්වල පසුවන මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන්ගෙන් එක් අයෙක් ක්‍රියාශීලී යුධ හමුදා සෙබළෙකු වන අතර අනෙක් පුද්ගලයා හිටපු හමුදා සෙබලෙකු බවයි අනාවරණ වී ඇත්තේ.
ඇල්පිටිය මූලස්ථාන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන් ඇල්පිටිය සමගි මාවතට පැමිණ කිසියම් අයෙකු ඝාතනය කිරීමේ අරමුණින් බව කියන වින්දිතයාගේ නිවස අසලදී අත්අඩංගුවට ගෙන ඇති බවටයි.
මෙම සෙබළුන් වෙනත් ස්ථානයකදී මේ ආකාරයෙන්ම මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සාහ කර ඇති අතර එය අසාර්ථක වී ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පොලීසිය පැවසුවේ, විදෙස්ගතව සිටින පාතාල කල්ලියක් විසින් මෙම වෙඩි තැබීම සැලසුම් කර ඇති බවට අනාවරණ වී ඇති බවයි.