සැප්තැම්බර් 20 වැනිදා අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට අදාළව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පවසන පරිදි මේ දක්වා සිදුකළ ප්‍රශ්නකිරීම්වලින් අනාවරණය වී ඇත්තේ එම මාධ්‍යවේදියා වෙඩිතැබීමේ සිද්ධිය මෙහෙයවූ ඩුබායි හී සිටින මන්නා රමේෂ් නමැති අපරාධකරුට රහසිගතව තොරතුරු ලබා දී ඇති බවටය.
ඊයේ රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මීගොඩ ප්‍රදේශයේදී අදාළ මාධ්‍යවේදියාව අත්අඩංගුවට ගත් අතර ඔහුගේ ජංගම දුරකතනය පරීක්ෂා කළ අවස්ථාවේ ආසන්න දින කිහිපයේම ඔහු “මන්නා රමේෂ්” නැමැත්තාට දුරකතන ඇමතුම් 18ක් ලබා ගෙන ඇතැයි අනාවරණ වී තිබේ.
මෙම මාධ්‍යවේදියාගේ බැංකු ගිණුමට “මන්නා රමේෂ්” අවස්ථා කිහිපයකදී මුදල් බැර කර ඇති බවද පොලීසිය අනාවරණ කරගෙන තිබේ.
මෙහි වෙඩික්කරුට නවාතැන් පහසුකම් හා ප්‍රවාහන පහසුකම් සැපයූ තවත් තිදෙනෙක් සමඟ අදාළ මාධ්‍යවේදියාව අද අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.
එහිදී එම මාධ්‍යවේදියා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා ගත් අතර අනෙක් සැකකරුවන් තිදෙනා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත්වරයා අවසර ලබාදුනි.