විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂිට ඇප

රුපියල් පනස් දහසේ ශල්‍ය උපකරණය රුපියල් 250000.00 ට රෝගීන්ට විකිණීමට කටයුතු සලසමින් අයුතු ලාභයක් ලබා රෝගීන්ට අලාභයක් කළේ යැයි  යැයි රක්ෂිත බන්ධනාගාරගත ව සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුව භාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න සැකකාරිය දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනූජා ලක්මාලි ජයතුංග  මහත්මිය නියෝග කළාය.

සැකකාරියට රුපියල් මිලියනය බැගින් ශරිර ඇප 3.ක් හා රුපියල්.  50,000 මුදල් අපයක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විදේශගමන් තහනම් කිරීමටද නියෝග කළාය.

ජයවර්ධනපුර රෝහලට ඇතුල්විම තහනම් කිරීමටද නියෝග කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *