විශේෂඥ වෛද්‍යවරුන් පුද්ගලික වෛද්‍ය සේවයෙන් ඉවත් වෙයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් විසින් 2022 ජූලි 9 වෙනි දින සාමාන්‍ය පරිදි රජයේ වෛද්‍ය සේවාවන්හි යෙදෙන  අතර  පෞද්ගලික  වෛද්‍ය සේවාවන් සැපයීමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

එසේ වුවද පෞද්ගලික රෝහල්වලට ඇතුලත් වන හදිසි රෝගී තත්ත්වයන් සඳහා මෙන්ම දැනටමත් රෝහල් ගතවී ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ට අවශ්‍ය සියලුම වෛද්‍ය සේවාවන් සැපයීම අඛණ්ඩව පවත්වා ගෙන යනු ඇත.

මෙම තීරණය රටේ දැනට පවතින අර්බුදකාරී තත්වයට වගකිවයුතු පවතින රජය ඉවත් කිරීම සඳහා දැනටමත් රට තුළ පවත්නා සාමකාමී විරෝධතාවලට සහය පලකිරීමට අප සංගමය විසින් මීට පෙර ගෙන තිබු තීරණයට අනුකූලව ගත්තකි.

විශේෂඥ වෛද්‍යවරු ලෙස මෙමඟින්  හදිසි නොවන රෝගී තත්ත්වයන් සදහා පෞද්ගලික රෝහල් වලට පැමිණීමට අපේක්ෂා කරන රෝගීන්ට  සිදු වන අපහසුතා ගැන අප සංගමයේ කණගාටුව ප්‍රකාශ කරමු. අප සංගමය  හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින්  විසින් දැඩි අපහසුතා මධ්‍යයේ වුවද රජයේ රෝහල්වලදී හැකි උපරිම සේවය කිරීමට ඇප කැප වන අතර අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට 09 දිනයේ රජයේ රෝහල් කරා යොමු වෙන ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *