විශ්‍රාමිකයින්ට සහ රජයේ අනෙකුත් දීමනා ලාභීන්ට නිවේදනයක්

2021 මැයි මාසයේ අදාළ විශ්‍රාම වැටුප්, ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප්, වැඩිහිටි සහ මහජන ආධාර දීමනා ගැනීමට නොහැකි වූ පිරිස් වෙත එකී දීමනා පමණක් ලබාගැනීමට හැකිවන පරිදි තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල විවෘතව තබන බව තැපැල් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

ඒ අනුව හෙට සහ අනිද්දා පෙරවරු 9.30 සිට පස්වරු 2 දක්වා එම දීමනා පමණක් ලබා ගැනීමේ හැකියාව පවතී.

එම දීමනා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, ගොවි/ධීවර විශ්‍රාම හැඳුනුම්පත, වැඩිහිටි/මහජනාධාර ගෙවීම් සඳහා නිකුත් කර ඇති හැඳුනුම්පත උපයෝගී කරගෙන තැපැල් කාර්යාල වෙත පැමිණීමේ හැකියාව ඇත.

ඒ සම්බන්ධ වැඩි විස්තර 1950 කෙටි දුරකථන අංකයෙන් ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *