බදු නිසා ඇදුරන් 600ක් සරසවි හැර ගිහින්

විශ්වවිද්‍යාල තුළ විශාල වශයෙන් බුද්ධිගලනයක් සිදුවෙමින් පවතින බව විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය පවසයි.

එහි සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන මහතා සඳහන් කළේ පසුගිය මාස 06 තුළ පමණක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 600ක් පමණ විශ්වවිද්‍යාල හැර ගොස් ඇති බවයි.

ඒ හේතුවෙන් ඇතැම් පීඨ පවත්වාගෙන යෑම පිළිබඳ ගැටලු මතුවී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා මහාචාර්යවරුන් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන්ව ඊයේ හමුවුණි.

ඒ, බදු සංශෝධනයත් සමග විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මතුවී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය.

කෙසේවෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා මහාචාර්යවරුන් පවසන්නේ සිය ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී දැඩි තීරණ ගන්නා බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *