විරෝධතාවය සම්බන්ධයෙන් රංගන ශිල්පිනී දමිතා අබේරත්න රිමාන්ඩ් භාරයට…

ශ්‍රී ලංකාවේ පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීම හේතුවෙන් රංගන ශිල්පිනී දමිතා අබේරත්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ජුලි 09 වනදා පැවති විරෝධතාවයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ චෝදනාව මත මෙම නිළිය ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඇය කොටුව පොලිසියට වාර්තා කර තිබුණේ ඉන් අනතුරුවයි.

රංගන ශිල්පිනී දමිතා අබේරත්න අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2022 සැප්තැම්බර් 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *