විමල්, ගම්මන්පිල, වාසුගේ පක්ශවලට අගමැතිගෙන් ආරාධනා…

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට රජයෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කළ පක්ෂ 10ක නායකයින්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආරාධනා කර තිබෙනවා.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් විසින් දේශපාලන පක්ෂ නායක කණ්ඩායම මෙහෙයවනු ලබයි.

අද සවස පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව වේලාවක් වෙන්කර ගැනීමට කටයුතු කරන බව ඔවුන් අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇති බවයි පක්ෂ නායකයින් ප්‍රකාශ කළේ.

“පක්ෂ 10 ක කණ්ඩායම (G10) රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයට එක්වන්නේ නැහැ. එසේ වුවද, අපි රජය ගෙන යන ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනට සහාය දෙමු.” පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *