Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

විනෝද චාරිකාව මාරක ඛේදවාචකයක් වෙයි: කැළේ දොළට බිලිවූ තරුණ ජීවිත 4ක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

දෙණියාය, බෙවරලිය ප්‍රදේශයේ ‘කැලේ දොළ’ ස්වභාවික දිය පහරේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන්ව සිටි කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික ආයතනයක සේවකයින් සිව්දෙනාගේම (04) මළසිරුරු සොයාගත් බව පොලිසිය තහවුරු කළේය.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික පරිගණක සමාගමක සේවය කරන තරුණයින් හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය සෙනසුරාදා (07) දෙණියාය ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරතව සිටියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබේ.

පොලිස් වාර්තාවලට අනුව, එම කණ්ඩායමේ හයදෙනෙකු දිය නෑම සඳහා දොළ පහරට බැස ඇති අතර, එහිදී එක්වරම පැමිණි සැඩ පහරට හසුවී තරුණයින් සිව්දෙනෙකු දියේ ගසාගෙන ගොස් අතුරුදන් විය.

නාවික හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ ඒකාබද්ධ මෙහෙයුම

අතුරුදන් වූ තරුණයින් සොයා ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශය, දෙණියාය පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කඩිනම් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළහ.

එහිදී තරුණයින් තිදෙනෙකුගේ සිරුරු ඊයේ පෙරේදා සොයාගැනීමට හැකිවූ අතර, අතුරුදන්ව සිටි සිව්වැනි තරුණයාගේ සිරුර ඊයේ (08) ඉරිදා දහවල් සොයාගැනීමට හැකිවිය. ඒ අනුව දියේ ගිලීමෙන් මියගිය සමස්ත තරුණයින් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගියේය.

සියලුම සිරුරු ගොඩගන්නා තෙක් නාවික හමුදා කිමිදුම්කරුවන් සහ ප්‍රදේශවාසීන් අඛණ්ඩව දැඩි පරිශ්‍රමයක යෙදුණු අතර, සිද්ධිය සම්බන්ධයෙන් දෙණියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඔබේ අදහස