විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ව්‍යාජ ලියකියවිලි භාවිතා කිරීමේ චෝදනාවකට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට වසර 2ක සිර දඬුවමක් නියම කර තිබේ.
ඊට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ශෂී වීරවංශට රුපියල් ලක්ෂයක දඩයක් ද නියම කළා.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ඇතුළු විදේශ ගමන් බලපත්‍ර දෙකක් වංචනික ලෙස ලබාගෙන ඇති බවට වීරවංශට චෝදනා එල්ල වී තිබේ.
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ව්‍යාජ නම් සහ උපන් දින ඇතුළත් ලිපි ලේඛන ඉදිරිපත් කළ වීරවංශ මුලින් 2015 පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරිණි.
ඉන් අනතුරුව 2020 ජූලි මාසයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ශෂී වීරවංශට වරෙන්තු නිකුත් කළේය.