විදෙස් කාන්තාවක් ව ගණිකා වෘත්තියේ යෙදවු පුද්ගලයෙක් අත්අඩංගුවට

උස්බෙකිස්ථානු කාන්තාවක් මෙරටට ගෙන්වා පසුව ගණිකා වෘත්තියේ යෙද වු පුද්ගලයෙක් ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට පත්වු බවය.

සංක්‍රමණිකයින් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව වෙත මාස දෙකකට පෙර සිදුකළ පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ රැකියාවක් ලබාදෙන බවසා මෙරටට ගෙන්වා ඇති එම විදෙස් කාන්තාව පසුව ගණිකා වෘත්තියේ යොදවා ඇති බවය.

එම උස්බෙකිස්ථානු කාන්තාව 36 හැවිරිදි අයෙක් බවත්, අත්අඩංගුවට පත්වු පුද්ගලයාගේ බිරිඳ ද උස්බෙකිස්ථානු කාන්තාවක් වන බවට අනාවරණය වී තිබේ.

ඇය ද මෙවැනිම වරදක් සිදුකර මේ වන විට මෙරට බන්ධනාගාර ගත කර ඇති බව ද  මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *