විදුලි බිල ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ තීරණය මේ මස අග දැනුම් දීමට නියමිත බවද හෙතෙම අවධාරණය කළේය.
කුමාර ජයකොඩි මහතා මෙසේද පැවසීය.
විදුලිබිල සම්බන්ධයෙන් ආණ්ඩුව තවම තීරණයක් අරගෙන නැහැ. එ් වගේම විදුලිබල මණ්ඩලය තවම තමන්ගේ ගණනයන් කොමිසමට බාරදීලත් නැහැ. මේ මාසයේ අග තමයි කොමිසම තීරණයක් ගන්නේ. අපි සුබවාදීව හිතනවා. වැඩි නොකර ඉන්න. අපිටත් ඕන බිල අඩු කරලා ස්ථාවරව ගෙනියන්න.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා;
අධික විදුලි බිල හේතුවෙන් පාරිභෝගිකයන්ගේ ජීවිතවලට අහිතකර බලපෑමක් ඇතිවෙලා තියෙනවා. ජීවන වියදම වැඩිවෙලා තියෙනවා. අනාගත සංවර්ධනයට විශාල බාධාවක් ඇතිවෙලා තියෙනවා. අයිඑම්එෆ් කොන්දේසි අනුව විදුලි බිල වැඩි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට ආරංචියි. අපේ රට පාලනය කරන්නේ අයිඑම්එෆ්ද. මේ ආණ්ඩුවද. ජාත්‍යන්තර බලපෑමට යටත් වෙලා පාරිභෝගිකයන් පීඩාවට පත්කිරීමට කටයුතු කරනවාද. අපේ ස්වාධිපත්‍යය අහිමි වෙලාද. කොහොමද අපි පාලනයක් ඇති කරගන්නෙ.