විදුලි පනත සම්මතයි

ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද අනූ හයකින් පාර්ලිමේන්තුවේදී  සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 25 ක් පමණි. සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

සමස්ත බලශක්ති ක්ෂේත්‍රය ඒකාබද්ධ කර පුළුල් බල ශක්තිය ආයතනයක් ස්ථාපිත කිරීමට මෙම පනතෙන් ප්‍රතිපාදන සැලසේ. මෙයට අමතරව විදුලි සේවකයන්ගේ අයිතීන් සුරැකීමද මෙම පනත් කෙටුම්පතේ තවත් අරමුණකි.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *