ගුරු සිහිනය පෙන්වූ ගුරුවරියක් මාට්ටු

සබරගමු පළාත් සභාවේ ගරුපත්විම් ලබාදෙන පවසා උපාධිධාරින් 23 දෙනකුගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් ලබාගත් බවට සැකපිට  පාසල් ගුරුවරියක සහ ඇගේ සැමියා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව  රත්නපුර පොලිසිය කියයි.

සැකකාර ගුරුවරිය ඇහැළියගොඩ නගරාසන්න විදුහලක ඉංග්‍රීසි විෂය උගන්වන  ගුරුවරියක බවද පොලිසිය පැවසීය.

ඇය තිස් අට හැවිරිදි තැනැත්තියකි. කලකට පෙර දේශපාලනඥයකුට සමීපව දේශපාලනය කළ තැනැත්තියක බව ද පොලිසීය පවසයි.

එම කාල වකාවනුවේ උපාධිධාරින්ට සබරගමු පළාත් සභාවේ ගුරුපත්වීම් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ දෙක, ලක්ෂ තුන,  ආදි වශයෙන් ලබගෙන ඇති බවට පොලිසියට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයිද,  උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *