සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිමින් සිංහල බෞද්ධ තේමාව කරගෙන සිටින ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සැබෑ දමිළ ජාතිකයෙකු නම් ඡන්දය ලබා නොදෙන බව උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් පවසයි.
හිටපු මහ ඇමැතිවරයා මේ බවසා සිටියේ යාපනයේ ඒ මහතාගේ නිවසේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදීය.
‘සැබවින්ම දෙමළ ජාතිකයකු නම් කිසි දිනක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදෙන්නේ නැහැ. මේ වන විටත් ඔහුට නඩු දෙක තුනක් තියනවා ගෝඨාභය මෙරට සිංහල බෞද්ධ රටක් ලෙස සිතන කෙනෙක්. එය තහවුරු කරන්න ඔහු ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් කරයි. එවැනි පුද්ගලයකු ජනාධිපති අපේක්ෂක වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළේ ඇයිද යන්න මමනම් දන්නේ නැහැ‘ යනුවෙන් විග්නේෂවරන් පවසා ඇත.