ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට නැවතත් ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එයට හේතු වී ඇත්තේ පාලනය කළ නොහැකි ලෙස ප්‍රාන්තය තුළ පැතිර යමින් තිබෙන ලැව්ගිනි හේතුවෙන්.
ප්‍රබල සුළං ප්‍රවාහයන් සහ වියළි කාලගුණ තත්ත්වය නිසා හෙට (10) දිනයේදී ලැව්ගිනි දරුණු ලෙස ව්‍යාප්ත වෙනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පළකර සිටිනවා. මෙම ලැව්ගිනි හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තය තුළ පමණක් විනාශයට ලක්වූ භූමි ප්‍රමාණය හෙක්ටයාර මිලියන1.2ක් පමණ වේ