වික්ටෝරියාව වාන් දැමීම අරඹයි

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභාර  ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පවසයි.

ඊයේ (27) සවස 05.00 පමණ වන විට ජලාශයේ වාන් දොරටු අටක් ස්වයංක්‍රීයව විවෘත වූ බව පැවසු ඒ මහතා ඉන් තත්පරයකට ජලය ඝන මීටර 500 ක් රන්දෙණිගල ජලාශයට මුදාහැරෙන බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *