වැලිකඩ ඕඅයිසී ඉවත් කරන්න කොමිසමෙන් අනුමැතිය ඉල්ලයි

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී තරුණයකු මියයෑමේ සිද්ධිය හේතුවෙන් එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉවත්කිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

මෙම සිද්ධියේදී රාජකාරිය පැහැරහැර ඇතැයි නිරීක්‍ෂණය වූ පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *