වැල්වැටිතුරේ නිවසක ගින්නකින් තරුණ යුවලක් ජීවිතක්ෂයට…

වැල්වැටිතුරෙයි නෙදියකාඩු ප්‍රදේශයේ නිවසක කාමරයක අද ඇති වූ ගින්නකින් තරුණ අඹුසැමි යුවළක් පිළිස්සී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

නැදියකාඩු ගම්මානයේ පදිංචි 31 සහ 26 හැවිරිදි අඹුසැමි යුවළ ගින්නෙන් මාරාන්තික පිළිස්සුම් තුවාල හේතුවෙන් මිය ගිය බව ඔවුහු පැවසූහ.

අඹුසැමි යුවළ නිදා සිටි කාමරයේ පෙට්‍රල් ලීටරයක ධාරිතාවයකින් යුත් පිළිස්සූ ප්ලාස්ටික් බෝතල් පහක් තිබූ බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත. ගින්නට සැබෑ හේතුව අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *