නන්දලාල්

වැරදි නම් නීතිමය පියවර ගන්න – මහබැංකු අධිපති

රට බංකොළොත් වී ඇති බවට සිදුකළ ප්‍රකාශය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය නෛතික පියවර ගන්නා ලෙස මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉල්ලා සිටී.

මහබැංකු අධිපතිවරයා එම අදහස් පළ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමිනි.

මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත ආර්ථික ඝාතනය කෘතිය ජනගත කිරීම අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය්දී සිදුකෙරුණි.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“2022 අප්‍රේල් 12 වනදා අපිට විදේශ ණය ගෙවීමේ හැකියාව නැති බව ප්‍රකාශ කරන කොට රජය මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව මගින් ව්‍යවස්ථාව උල්ලන්ඝනය කරලා මේවා කළාකියලා මම දැක්කා පසුගිය දවස්වල යම් යම් ආකාරයේ මත පළවෙලා තිබුණා. මතයක් පළ වුණා රටේ අරගලයක් ක්‍රියාත්මක වෙලා දේශපාලකයින්ගේ ගෙවල් ගිනිතැබීමට හේතු වුණේ මේක කියලා. ජනතා නියෝජිතයන් කියන සමහර අයගෙන් ප්‍රකාශ වුණා. ඒක නිසා අපේ ගෙවල් ගිනිතියන්නේ නැතුව අන්න අහවල් නිලධාරීන්ගේ, මහ බැංකු අධිපතිගේ හෝ භාණ්‍ඩාගාර ලේකම්ගේ ඒ අයගේ ගෙවල් ගිනි තියන්න කියලා.. මොනම ආකාරයේ ප්‍රචණ්ඩත්වය වුණත් අපි වෘත්තීමය නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළ යුතු දෙයක් නමුත් අවාසනාවට එහෙම කරන මහජන නියෝජීතයින් මේ රටේ ඉන්නවා. විශේෂයෙන් මේ ණය ගෙවීමේ නොහැකියාව ප්‍රකාශ කිරීම ගැන ව්‍යවස්ථා උල්ලංඝනය කර ඇත්නම් වහාම ක්‍රියාමක වන පරිදි පරික්ෂණයක් කරලා අවශ්‍ය නීතිමය පියවර ගන්න. ඒ සඳහා දෙන්න පුළුවන් උපරිම සහාය දෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *