වැඩ තහනම් වූ පීසී කෝටි 8ක මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු

කරන්දෙණිය තුනේ කණුව ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි අටක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ වැඩතහනම් කළ පොලිස් කොස්තාපල්වරයෙක්   සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය කියයි

මේ වැඩතහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාගේ නිවසේ තිබී අයිස් මත් ද්‍රව්‍ය  කිලෝ අටක් පමණ සොයාගත් බවද පොලීසිය කියයි.

සැකකාර වැඩතහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා  කොළඹ පොලිස් ස්ථානයකට අනුයුත්තව  සේවය කරමින් සිටියදී නිවාඩුවට කරන්දෙණියේ සිය නිවසට පැමිණ   සිටියදී  ගංජා ළඟ තබාගෙන සිටියදී කරන්දෙණිය පොලීසිය විසින් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගැනීමත් සමගම ඔහු වැඩ තහනමට ලක්කෙරුණු අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *