වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව ගැන පොලීසියෙන් නිවේදනයක්

කතරගම ඓතිහාසික වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලීසිය කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබේ.

වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව ස්ථාපිත කර තිබූ පොලිස් මුරපොලෙහි රාජකාරි සඳහා පත් කර සිටි නිලධාරීන් ඉවත් කර ඇති බවට එම පුදබිමේ විහාරාධිපති හිමියන් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් සමාජ මාධ්‍යයේ හුවමාරු වීම සම්බන්ධව කරුණු දක්වමින් පොලීසිය මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත.

එම පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව අදාළ පැහැදිලි කිරීම මගින් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *