ඇමෙරිකාව හා යුරෝපා සංගමය සියයට 15ක බදු ප්‍රතිශතයකට එයි

ලොව විශාලතම ආර්ථික හවුල්කරුවන් දෙදෙනෙකු වන ඇමෙරිකාව හා යුරෝපා සංගමය අතර මාස ගණනාවක් පුරා පැවති ඇමෙරිකානු තීරුබදු සම්බන්ධ ගැටලුව අවසන් කරමින් එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළඳ ගිවිසුම් රාමුවකට එළඹ තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් අතර ස්කොට්ලන්තයේදී සිදු වූ සාකච්ඡාවලින් පසුව, මෙම සියලුම යුරෝපා සංගම් භාණ්ඩ සඳහා 15% ක එක්සත් ජනපද තීරුබදු පැනවීමට එකඟ විය.

එය සිකුරාදා සිට ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප් එකග වූ අතර මුලින් පැවැති 30% ආනයන බදු අනුපාතයෙන් අඩක් දක්වා අඩු කර ගැනීමට යුරෝපා සංගමය සමත්ව තිබේ. යුරපො සංගමය සාමාජික රටවල් 27 කින් සමන්විත වන අතර ඇතැම් නිෂ්පාදන සඳහා ශුන්‍ය සියයට තීරුබදු සහිතව එක්සත් ජනපදයට අපනයනය කිරීමට අවස්ථාව ලැබී තිබේ.

ගෝලීය වෙළඳාමෙන් තුනෙන් එකක් නියෝජනය කරන මෙම පාර්ශ්ව ද්විත්ය පැමිණි එකඟතාව අනුව පාක්ෂිකයින් දෙදෙනාටම ස්ථාවරත්වයක් ගෙන එනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *