බලංගොඩ, කල්තොට ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියක් වළවේ ගඟේ ගිලී මියයාම පිළිඹදව එම සිසුන් පිරිස භාරව සිටි ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබේ.
පාසලේ භාහිර ක්‍රියාකරකම් භාර අදාළ ගුරුවරිය එම සිසුන් කණ්ඩායම පාසලෙන් පිටතට රැගෙන ගොස් ඇත්තේ විදුහල්පතිවරායාගේ හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතියකින් තොරව බවයි පොලිස් මධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටින්නේ.
දැනට හෙළිවී ඇති කරුණු අනුව 15 දෙනෙකුගෙන් යුත් මෙම සිසුන් කණ්ඩායම විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා පසුගිය සෙනසුරාදා වලවේ ගඟට කැටුව ගොස් ඇති බවට වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
අදාළ ගුරුවරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.