වරාය නගරයට අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ ගත් චීන ජාතිකයා ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට

කොළඹ වරාය නගර පරිශ්‍රය වෙත අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ දැරීමේ දී චීන ජාතිකයෙකු සහ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

වරාය නගරය ආසන්න අධිවේගි මාර්ග පද්ධතිය සංවර්ධන කටයුතු සඳහා මිනිස් ශ්‍රමය සපයන ආයතනයක සේවය කළ අදාළ චීන ජාතිකයා විසින් පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනෙකු වරාය නගරයට ඇතුළු කිරීමට උත්සහ කර ඇති බව පොලීසිය පැවසුවේය.

වරාය නගරයට පුද්ගලයින් ඇතුළු කිරිම සඳහා අනුගමනය කළ යුතු නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කිරිම හේතුවෙන් චීන ජාතිකයා ඇතුළු පිරිස වරාය අධිකාරියේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන වෙරළබඩ පොලීසියට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරුවන් 05 දෙනා අද කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *