වර්චුවල් විශ්වයක් අරමුණු කරගනිමින් Facebook සන්නාමය Meta ලෙස වෙනස් වෙයි

ෆේස්බුක් සමාගමේ නම ‘Meta’ ලෙස වෙනස් කළ බව ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ඊයේ රාත්‍රියේ (28) පැවැති සමාගමේ වාර්ෂික සමුළුවේ දී ඒ බව ප්‍රකාශයට පත් කර ඇත.

වසර 17කට පසු මාර්ක් සකර්බර්ග් නිල වශයෙන් ෆේස්බුක් නව මව් සමාගම් නාමය වන මෙටා හි ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති බවට ඊයේ, එනම් 28 වැනි දා පත්විය.

ෆේස්බුක් සිය සමාගමේ අභ්‍යන්තර ලේඛන සියගණනක් කාන්දු වීමෙන් පසු එහි විවිධ වේදිකාවලින් සැබෑ ලෝකයට සිදුවන හානිය පිළිබඳ පුළුල් විමර්ශනයකට මුහුණ දෙන බැවින් එහි සමාගමේ නම මෙටා ලෙස වෙනස් කළ බව විවිධ විචාරකයින් පවසා තිබේ.

Facebook හි ප්‍රති සන්නාමකරණය, කීර්තිය ප්‍රතිශෝධනය කිරීමට සහ එහි වේදිකාවල වැරදි තොරතුරු, අන්තර්ගත මධ්‍යස්ථ අසාර්ථකවීම් සහ එහි නිෂ්පාදන සමහර පරිශීලකයන්ගේ මානසික සෞඛ්‍යයට ඇති කර තිබූ අහිතකර බලපෑම පිළිබඳ හෙළිදරව් කිරීම් ඇතුළු සිදුවීම් මාලාවකින් පසුව ඒවා වසා දැමීමට දරන ප්‍රයත්නයේ කොටසක් විය හැකි බව විචාරකන් පලකල තවත් ප්‍රසිද්ධ මතයක් බවට පත්ව තිබේ.

කෙසේ නමුත් ඉදිරියේදී මෙටා සමාගම සමාජ මාධ්‍ය ත්‍රිමාණ ලෝකයක් තුල නිර්මාණය කිරීම සිදුකරන බවයි පැවසෙන්නේ. දැනටමත් මාර්ක් සකර්බර්ග්ගේ නායකත්වයෙන් ඉංජිනේරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වර්චුවල් විශ්වයක් සෑදීමේ කටයුත්තකට අත ගසා තිබෙනවා.

මෙම ක්‍රියාවලියේ අරමුණ වෙනුවෙන් Facebook සමාගමේ මෙම නව නමිකරණය සිදුකල බව ඔහු විසින් පැහැදිලි කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *