වතු කම්කරුවන්ට සැලකීම විපක්ෂයට දරාගන්න බෑ

ආණ්ඩුව වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරීම විපක්ෂයට දරා දරාගන්නට බැරි බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ යූ.පී.අබේවික්‍රම මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුට්ටිය බිඳගෙන නාගන්නවා කියලා කතාවක් අපි අහලා තියෙනවා. වතු කම්කරු ප්‍රජාවගේ ප්‍රශ්නය පිළිබඳව අප බලයට පැමිණි දා සිටම අවධානය යොමු කළා.වතු හාම්පුතුන්  සමඟ සාකච්ඡා කර ඉතා විධිමත් චෝදනාවකට අනුව අප මේ වැටුප් වැඩිවීම කර තියෙනවා.මේ කාරණය විපක්ෂයට දරාගන්න බැරි වුණා.

අප බලයට පත්වුණේ පරණ ආණ්ඩු කරගෙන ගිය කෙරුවාව එහෙමම කරගෙන යන්න නොවේ.අප ජනතාවට පැහැදිලි පොරොන්දුවක් දී තිබෙනවා.යල් පැනගිය දේශපාලන පක්ෂ විසින් අගාදයට ඇද දැමූ රට වෙනස් මාවතකට ගෙන යනවා යැයි අප පොරොන්දුවක් දී තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *