වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ලබා දීමට තීන්දු කෙරේ

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ නැංවීමට අද (08) තීරණය කර තිබේ. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ වතු වෘත්තීය සමිති සහ වතු හාම්පුතුන්ගේ නියෝජිතයින් සහභාගිත්වයෙන් පැවැත් වූ තේ සහ රබර් සදහා වන පඩිපාලක සභාවලදි මෙම තීරණයට එළඹි බවයි.

පසුගිය කාල සීමාව තුළ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව සාකච්ඡා වට 12කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වූ අතර, දෙපාර්ශවය අතර ඇති වූ පරස්පර විරෝධීතාවයන් නිසා එම සාමූහික ගිවිසුම තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකි විය. ඒ අනුව පඩි පාලක සභාව ස්ථාපිත කොට ඒ අනුව රජයේ නියමයන්ට අනුකූලව දෛනික වැටුප් තලයන්හි වතු කම්කරුවන්ගේ වැටුප් පිහිටුවා එම වැටුප් තීන්දුව ප්‍රකාශයට පත් කළ බව ඇමැතිවරයා පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *