ඖෂධ, වෛද්‍ය උපකරණ, වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩල හිඟය සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල ලෙස බලපා ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය එය විසඳීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පෙනෙන්නට නොමැති බව සමගි ජන බලවේගයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අද වන විට රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්නය විසඳීමට කිසිදු පියවරක් නොගන්නා බවත්ය. මේ නිසා අසරණ රෝගීන්ට පීඩා විඳීමට සිදුවේ.