කාබන් විමෝචනයට වගකිව යුතු රටවල් මේ වන විට ආර්ථික අර්බුදයක ගිලී ඇති ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 132 ත් 220 ත් අතර ප්‍රමාණයේ ‘කාබන් ණය’ ලෙස හඳුන්වන මුදල ගෙවිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
තම පක්ෂය විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් අමතමින් රණවක මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් වරක් කාබන් අරමුදලක් පිහිටුවීමට උත්සාහ කළ නමුත් එවකට රජයෙන් ප්‍රතිචාරයක් නොලැබීම නිසා එය කිසි විටෙකත් යථාර්ථයක් නොවූ බවයි.
ඒ ඒ රටවල දළ දේශීය නිෂ්පාදිතය සමඟ සංවර්ධනය තක්සේරු කිරීමේදී කාබන් විමෝචනය සලකා බැලිය යුතු බව ඔහු පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාබන් ණය ගැන කතා කළත් ඔහු එවැනි අදහසක් ඉදිරිපත් කළේ 2017 වසරේදී බවද රණවක මහතා පැවසීය.
ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා ඒක පුද්ගල කාබන් විමෝචන ප්‍රමාණය ටොන් 2.1ක් ලෙස තීරණය කර ඇති නමුත් ශ්‍රී ලංකාවේ එය ටොන් 1.1ක් තරම් අඩු මට්ටමක පවතින බවද ඔහු පැවසීය.
“ඒ කියන්නෙ ලංකාවෙ කෝටාව අනිත් රටවල් ගන්නවා. ඒ නිසා ඔවුන් අපට ගෙවිය යුතු කාබන් ණය මුදලින් පියවිය යුතුයි,” ඔහු පැවසීය.