ගාල්ලේ ඖෂධ අලෙවිසැලෙන් රුපියල් එක්ලක්ෂ හතළිස් දෙදහසකට අධික වටිනාකමකින් යුත් ඖෂධ සොරකම් කිරීමේ සිද්ධියේ සැකකරු වන ගාල්ල ඔසුසල හිටපු ගබඩාකරු නීති උපදෙස් මත අත්අඩංගුවට ගෙන ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වෙත ඉදිරිපත් කර මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. අගෝස්තු 24.
සැකකාර චන්ද්‍රසිරි රත්නවීර 2014 වසරේ ගාල්ල ඔසුසලේ සේවය කර ඇත.
Pharma Associates විසින් අවස්ථා තුනකදී ලබාදුන් ඖෂධ සඳහා 2011 පෙබරවාරි 14, 2011 මාර්තු 8 සහ 2011 මාර්තු 24 යන දින තුනේදී රුපියල් 1,042,245 බැගින් ගෙවා තිබිය යුතු නමුත් එය නොගෙවූ නිසා සමාගම විසින් ගාල්ල ඔසුසලේ විකුණුම් කළමනාකාරවරයාට පැමිණිලි කර ඇත බව අධිකරණයේදී අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් අලෙවි කළමනාකාරවරයා ගබඩා භාරකරුගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ තොගය භාරදී නොමැති බවයි.
ගබඩා භාරකරුට එම තොගය වාර්තා පොත්වලට ඇතුළත් නොකළ බවත් ඒ වෙනුවට ඔහු එය වෙනත් සැපයුම්කරුවන්ට විකුණා ඇති බවටත් චෝදනා එල්ල වේ.
ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබුණු පසු දණ්ඩ නීති සංග්‍රහයේ පොදු දේපළ පනත යටතේ නඩු පවරන බව පොලිසිය පවසයි.