ලෝක ශූර‍යෝ පොඩ්ඩන් ඉදිරියේ අසරණ වෙති

එංගලන්තය හා අයර්ලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී මෙවර ලෝක කුසලානය දිනාගත් එංගලන්ත කණ්ඩායම ලකුණු 85කට සීමා කිරීමට අයර්ලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

අයර්ලන්තය ටේස්ට් වරම් දිනාගත්තේ ඉතාම මෑතකදී වන අතර ඔවුන් එංගලන්තය සමග ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී මෙසේ අයර්ලන්තය හා එංගලන්තය ක්‍රීඩා කරනුයේ දෙරට අතර පළමු ටෙස්ට් තරගයයි. විශිෂ්ට පන්දු යැවීමට නිරතවූ ටිම් මර්ටග් කඩුලු 5ක් ලබාගත්තේය. එංගලන්තයේ මොයින් අලී, ජොනී බෙයාර්ස්ටෝ සහ ක්‍රිස් වෝක් යන ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනාම ලකුණු නොලබා ආපසු ක්‍රීඩාගාරයට යැවීමට මර්ටග් සමත් විය. සිය පළමු ඉනිම වෙනුවෙන් අයර්ලන්තය සියලු දෙනා දැවී ලකුණු 207ක් ලබාගත් අතර මේ වනවිට එංගලන්තය සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටී.

(Image – Cricinfo)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *