ලෝක බලවතා කොරෝනා වසංගතයෙනුත් මුල් තැනට

නව කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම මරණ සංඛ්‍යාව සිදුවූ රට ලෙසට ලෝක බලවතා වන ඇමෙරිකාව පත්ව තිබේ. ඒ ඉතාලියද අභිබවා යමින්.

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවෙන් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 20,577ක් වන අතර ඉතාලියෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 19,468 ක්. මීට අමතරව අමෙරිකාවෙන් ආසාධිතයින් 532,879ක් වාර්තා වන අතර ඉතාලියේ ආසාධිතයින් සංඛ්‍යාව 152,271 ලෙසට වාර්තා වේ. මරණ 16,606ක් වාර්තා කරමින් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවූ තුන්වැනි රට බවට ස්පාඤ්ඤය පත්ව තිබේ. මේ වනවිට ස්පාඤ්ඤයේ සිටින ආසාධිතයින් සංඛ්‍යාව 163,027කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *