ලොව පුරා කොවිඩ් ආසාධිතයින් ගණන ලක්ෂ 90 පනී

ලොව පුරා Covid -19 වෛරසය ආසාදිත වූවන් ගණන ලක්ෂ 90 සීමාව ඉක්මවා තිබේ. ඒ අනුව මේ වන විට ලොව පුරා සිටින කොවිඩ් ආසාධිතයින්ගේ ප්‍රමාණය 9,046,080 වන අතර එම අයග තව දුරටත් වර්ධනය වෙමින් පවතී.

එමෙන්ම Covid -19 වෛරසය ආසාධනය වීමෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාවද 470,703ක් ලෙසටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර වෛරසය ආසාදිතව දැනට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති පිරිස 4,838,345ක් වේ.

මේ අතර නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ‘‘අලුත් සහ භයානක අදියර’’කට පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයද අනතුරු අඟවයි.

“ලෝකය දැන් ඉන්නේ නව සහ භයානක අදියරක. වයිරසය වේගයෙන් පැතිරෙනවා. එය තවමත් මාරාන්තිකයි. මිනිස්සු තවමත් ඉතා ඉක්මනින් වයිරසයට ගොදුරු වෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් වැඩිදුරටත් පවසා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *