Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ලොරේන්සෝ පුතා 04 මුදාගනී

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

“ලොරේන්සෝ පුතා 04” බහුදින යාත්‍රාව සීෂෙල්ස් නාවික හමුදාව විසින් මුදාගෙන ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ එහිදී මුහුදු කොල්ලකරුවන් තිදෙනෙක් ද සීෂෙල්ස් නාවික හමුදාව භාරයට ගෙන ඇති බවය.

අදාළ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06දෙනාම නිරුපද්‍රිතව සිටින බව ද එරට නාවික හමුදාව තහවුරු කර තිබේ.

ඒ අනුව අදාළ ධීවර යාත්‍රාව සීෂෙල්ස්හි වික්ටෝරියා අගනුවර වෙත රැගෙන යමින් ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය 12 වැනිදා සිය මංගල මුහුදු ගමනට එක්වූ “ලොරේන්සෝ පුතා 04” බහුදින යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු සමඟින් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගෙන තිබුණේ පසුගිය සෙනසුරාදාය.

ඔබේ අදහස