ලීග් ක්‍රිකට් තරගාවලිවල සාර්ථකම පුහුණුකරු වන මහේල මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ගැනීම කෙරෙහි අවධානය

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන පත් කිරීම කෙරෙහි ක්‍රිකට් බලධාරීන්ගෙන් අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

මහේල ජයවර්ධනගේ සහාය ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විමසා බලන ලෙස ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් ක්‍රිකට් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

මහේල ජයවර්ධන මේ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවස්ථා 3කදී අයි පී එල් ශූරයින් බවට පත් වුණි.

මහේල ජයවර්ධන සැලකෙන්නේ ලීග් ක්‍රිකට් තරගාවලිවල සාර්ථකම පුහුණුකරුවෙකු ලෙසය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *