ලියාපදිංචි නොකළ වාහන දැඩි හිඟයක්, වාහන ව්‍යාපාරිකයින් අසීරු තත්වයක

මෝටර් රථ ආනයනය අත්හිටුවීමට රජය ගත් තීරණය නිසා වාහන අලෙවි කරුවන්ගේ වාහන අංගන වල නඩත්තු කටයුතු, සේවක වැටුප් ගෙවීම, වාහන ආනයනකරුවන් සහ ‍ වාහන අලෙවි කරුවන් බැංකු මගින් ලබාගෙන ඇති ණය වාරික ගෙවා ගැනීමට පවා නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ. එමෙන්ම වාහන ව්‍යාපාරිකයන්ට නැවත සිය ව්‍යාපාරය ඇරඹීමට නොහැකි වාතාවරණයක් උද්ගතවී ඇති බවටද වෙළදපොල ආරංචි මාර්ග සදහන් කරයි.

අද වනවිට බොහෝ වාහන අංගන හිස්ව ඇති අතර වාර්තා වන අන්දමට මේ වනවිට වාහන අංගනවල ඉතිරිව ඇත්තේ, ලියාපදිංචි නොකළ මෝටර් රථ 3,000 ක් පමණ ප්‍රමාණයකි.

එමෙන්ම මෙරට වැඩියෙන්ම අලෙවි වූ සුසුකි වැගන් ආර්, ටොයටා පැසෝ, ටොයටා විට්ස්, සී.එච්.ආර්. වෙසල්, ග්‍රේස් රථ මෙරට වෙළඳපොල තුළ උග්‍ර හිඟයක් පවතින අතර ඉතිරිව ඇති අනෙකුත් වාහන සඳහාද ඉතා දැඩි ඉල්ලුමක් පවතී. වාහන මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති වුවත් එවැනි ඉහළ මිල ගණන්වලට පවා විශාල ඉල්ලුමක් ඇති බව වෙළෙඳ පොල ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *