මැදපෙරදිග ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයෙකුට ලබාදුන් විශාලතම වන්දි මුදල (රුපියල් මිලියන 6.8) ලබාගත් ශ්‍රී ලාංකික කාන්තාව ඉරිදා (3) කුවේට් සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියාය.
මහියංගන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මෙම කාන්තාව කුවේට්හිදී ඇයගේ හාම්පුතාගේ පුත්‍රයා විසින් ලිංගික අපයෝජනයට ලක් කර ඇත. ඒ අනුව ඇය ගැබ්ගෙන තිබුණා. පසුව ඇයගේ හාම්පුතා හොර රහසේ වෛද්‍යවරයකු නිවසට ගෙන්වා ඇයව ගබ්සා කර තිබෙනවා. සිද්ධිය කිසිවෙකුට හෙළි නොකරන ලෙසටද ඔහු ඇයට තර්ජනය කර ඇත. කෙසේ වෙතත්, ගබ්සාවෙන් පසු ඇයගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරුණු විට, ඇයගේ හාම්පුතා ඇයව ගුවන් තොටුපළට රැගෙන ගොස් නැවත ලංකාවට පැමිණීමට ගුවන් ටිකට් පතක් ලබා දී ඇත. මේ අතර, ඇයගේ රෝගී තත්ත්වය හේතුවෙන් ඇයව ගුවන් යානයට රැගෙන යෑම ප්‍රතික්ෂේප කළ ගුවන් සේවා නිලධාරීන් පසුව ඒ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වා ඇත.
කුවේට් හි සේවායෝජකයාට එරෙහිව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නඩු පවරා ඇති අතර, දීර්ඝ නීතිමය සටනකින් පසු අධිකරණය ඇයට වන්දිය පිරිනැමීමට කටයුතු කර ඇත.