අභාවප්‍රාප්ත ව්‍යාපාරික දේශමාන්‍ය වෛද්‍ය ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත තත්ත්වයක සිදුවූවක් බවට පවසමින් ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට ඔහුගේ පවුලේ ඥාතීන් ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටියේය.
අභාවප්‍රාප්ත කොතලාවල මහතා පසුගිය වසර පහක කාලයක සිට පවුලේ කිසිවකුට ප්‍රවේශය ලබා නොදී කිසියම් පිරිසක් විසින් ප්‍රාණ ඇපයට තබාගෙන සිටි බව පවුලේ ඥාතීන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියා.
කරුණු සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ව්‍යාපාරිකයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේය.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය පවුලේ ඥාතීන් වෙත භාරදීමටයි නියෝග කෙරුණේ.
මේ අතර කොළඹ පෞද්ගලික රෝහලක තැන්පත් කර තිබූ මෘත ශරීරය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කරනු ලැබුවා.
මෙම සැක සහිත මරණය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් බම්බලපිටිය පොලිසියට පැමිණිලි කර ඇති අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියා.
සංජීව කොඩිතුවක්කු සමඟ නීතිඥ හෆීල් ෆාරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ ව්‍යාපාරිකයාගේ මරණයට හේතු වූ කරුණු සැක සහිත බවට පවුලේ ඥාතීන්ගේ අදහස වී ඇති බවයි. ඔවුන් උසාවියට කියා සිටියේ ඔහු මිය ගිය තත්වයන් සැලකිල්ලට ගනිමින් පවුලේ සාමාජිකයින්ට ඕනෑම අපකීර්තියක් නැති කිරීමට අවශ්‍ය වූ බවයි.
පසුගිය වසර පහක කාලය තුළ කොතලාවල මහතා සමඟ සිටි පිරිසක් වංචනික ලෙස වටිනා දේපළ තමන්ට ලියා දුන් බවට පවුලේ ඥාතීන් සිය පොලිස් පැමිණිල්ලෙන් දන්වා ඇත.