ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවී දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටේ සැබෑ ප්‍රශ්නය වන ආර්ථික අර්බුදය ගැන කතා නොකර සිල්ලර දේශපාලනය කිරීමෙන් රට තවත් අනතුරට ඇද වැටෙන බවද හිටපු ජනාධිපතිවරයා කීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ කොළඹ ආකේඩ් පරිශ්‍රයේ පැවති තරුණ හමුවකට සහභාගී වෙමිනි.
“මේ යන විදියට රට කොහේ යයිද කියලා අපි දන්නේ නෑ. මේ අයට කිසිම පලපුරුද්දක් තිබෙන බවක් පේන්න නෑ. ඒක තමයි ප්‍රශ්නේ.ඉතින් පලපුරුද්දක් නැති අය දාලා කොහෙද යන්නේ.තරුණයන්ගේ අනාගතය ඔවුන්ට භාර දෙන්න පුළුවන්ද, බස් රියක් එලවන රියැදුරුටත් ලයිෂන් එකක් තිබෙනවා. මේ අයට ලයිෂන් එකක් තිබෙනවාද, ඒ නිසා දන්න අය, පලපුරුදු අය පාර්ලිමේන්තුවට එවන ලෙස මා පවසනවා. දැන් කොහොම හරි අප ඉන්නේ පලපුරුදු නැති තැනක. පාර්ලිමේන්තුවත් පලපුරුදු නැති අයගෙන් පුරවන්න යනවාද කියා ප්‍රශ්න කළ යුතුයි. පලපුරුදු නැති අය පාර්ලිමේන්තුවට ගෙනවිත් පුරවන්න කියා ඇතැම් අය කියනවනේ. මේ ඇවිත් ඉන්න පිරිස කවුද, අඩුගානේ දැකලා තියෙනවාද, මේක හරියට සැඟවුන අමුත්තා වගේ” යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා කීය.